ප්‍රමුඛ පුවත 1

ජනපති හා විපක්ෂ නායක අතර හමුවක්

(UTV| කොළඹ) – ජනාධිපතිවරයා සහ විපක්‍ෂ නායකවරයා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලන සන්ධානය සම්බන්ධයෙනි.

ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුලූ නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් සහභාගී වී ඇත.

පැය දෙකක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී නව සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

මෙහිදී නව දේශපාලන සන්ධානය පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණ විසින් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ඒ.එල්.එම්. අතාවුල්ලා සහ ඩග්ලස් දේවානන්දාද ඇතුළත් වේ.

ඒ අනුව නව දේශපාලන සන්ධානය පිළිබඳව ඉදිරි සති දෙකක කාලය තුළ එකඟතාවක් ඇති කරගැනී නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක් සැපයීමට ඇමරිකාව සූදානම්

Mohamed Dilsad

රඹකැන් ඔයෙහි වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

යුක්තියේ සටන අද කොළඹට

Mohamed Dilsad

Leave a Comment