ප්‍රමුඛ පුවත 1

ගෝඨාගේ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය පෙබරවාරි 11…

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනා ගොනු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය ලබන මස 11 වනදා ලබාදෙන බව අධිකරණය අද (31) දැනුම් දුන්නේය.

තමන්ට එරෙහිව පවරා ඇති නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බව පවසමින් එම මූලික විරෝධතාව ගොනුකරනු ලැබීය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මෙම නඩුව විභාගයට ගැනීමට අධිකරණයට පවතින බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේ පසුගිය 22 වනදායි.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද සිට දිනපතා විභාගයට ගැනෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සුළගේ වේගය ඉහලට

Mohamed Dilsad

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

වෙසක් උත්සවය නිමිත්තෙන් සියලූම සුරාසැල් දින 4 ක් වසා තැබේ.

Mohamed Dilsad

Leave a Comment