ප්‍රමුඛ පුවත 1

මෙම සතිය ඇතුළතදී කිරිපිටි මිලෙහි ඉහළ යාමක්…

(UTV| කොළඹ) – මෙම සතිය ඇතුළත කිරිපිටි මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා කරන බව කිරිපිටි සමාගම් සදහන් කරයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100 – 120 ත් අතර ප්‍රමාණයකින් ඉහල නංවන ලෙස කිරිපිටි සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇතත් ඊට මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැත.

ලෝක වෙළඳපොළේ ඇමරිකානු ඩොලර් 3350 ක්ව පැවති කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක මිල ඩොලර් 3000ක් දක්වා මේ වනවිට පහත බැස තිබෙන බවත් කිරිපිටි සමාගම් පවසයි.

මේ වනවිට කිරිපිටි මෙටි‍්‍රක් ටොන් 1200ත් 1500ත් අතර ප්‍රමාණයක් රේගුවේ ගොඩගැසී ඇති බවත් ඔවුන් සදහන් කරයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් කිරිපිටි සමාගම් වල ප්‍රධානීන් පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සමඟ ද සාකච්ජා කර ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල ඉහල නැංවීමටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආහාර විසවීමකින් මැතිවරණ රාජකාරියේ සිටි නිළධාරීන් පිරිසක් රෝහලට

Mohamed Dilsad

නැගෙනහිරට සහ උතුරට නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් [VIDEO]

Mohamed Dilsad

ජලසම්පාදක සේවකයින්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment