ප්‍රමුඛ පුවත 1

දින 27 කදී ඩෙංගු රෝගීන් 3,743 ක් වාර්තා වෙයි…

(UTV| කොළඹ) – මේ වසර ආරම්භයේ සිට ජනවාරි 27 දා දක්වා කොළඹ, යාපනය, ගම්පහ, කළුතර, නුවර, කුරුණෑගල, රත්නපුර යන දිස්ත්‍රික්කවලින්  ඩෙංගු රෝගීන් 3,743 දෙනකු වාර්තා වී ඇත.

27 වැනිදා වන විට කොළඹින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 884 දෙනකු බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම මදුරුවා පිරිසුදු වතුරේ බිත්තර දමන බවත්, වතුර එක් රැස් වන තැන් වැහිපිහිලි, තැඹිලි කෝම්බ, අතහැර දමා ඇති භාජන වතුර එක් රැස් වන තැන් වහාම විනාශ කර යුතු බවත් ඇය අවධාරණය කළාය.

2018 වර්ෂයේදී දිවයිනේ ඩෙංගු රෝගීන් 51,000ක ප්‍රමාණයක් වාර්තා වූ බවත් එම වර්ෂය තුළ දිවයිනේ ප්‍රදේශවලින් ඩෙංගු මරණ 56ක් වාර්තා වූ බවත් වෛද්‍යවරිය මෙහිදී අනාවරණය කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජෙෆ්රි ෆෙල්ට්මන් දිවයිනට

Mohamed Dilsad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Mohamed Dilsad

හෙද හෙදියන්ටත් උපාධියක්

Mohamed Dilsad

Leave a Comment