ප්‍රමුඛ පුවත 1

පළාත් කීපයකට පස්වරුවේ වැසි…

(UTV| කොළඹ) – අද (28) මධ්‍යම , සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කීපයක පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනේ අනිකුත් පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතියි.

මීගමුව සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 – සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,470 යි..

Mohamed Dilsad

බගවන්තලාවේ ඇළ මාර්ගයකින් හමුවු මැණික් ඉල්ලම් තොගය වෙන්දේසි කෙරේ

Mohamed Dilsad

ගෙවුනු පැය 24 තුළ ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment