ප්‍රමුඛ පුවත 1

ලිංගික උත්තේජන ඖෂධ තොගයක් රාජ සන්තකයි

(UTV| කොළඹ) – ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ඇතුළු තවත් සිරුරු ආලේපන තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේවා නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට මෙරටට රැගෙන විත් තිබු අතර ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු මේ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මොහු ගම්පහ , උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි .

සැකකරු ඊයේ පස්වරුවේ මැලේසියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

පසුව  ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ ගමන් මල්ලේ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ලිංගික උත්තේජන ඖෂධ (වියාග්‍රා , වයිමැක්ස් , මැක්ස් මැකස්) විශාල ප්‍රමාණයක් ද , ඊට අමතරව කාන්තාවන් තම සිරුරු වල රාත්‍රී කාළයේ ආලේප කරන ආලේපන තොගයක් ද තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම ලිංගික උත්තේජන සහ රාත්‍රී ආලේපන තොගය රාජසන්තක කර ඇති අතර ඔහුට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේවය හැර ගිය සෙබළුන් 550කට වැඩි ගණනක් දිනකදී අත්අඩංගුවට

Mohamed Dilsad

සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

Mohamed Dilsad

එජාප කුරුණෑගල රැළියට පක්‍ෂයෙන් විරෝධතාවයක්

Mohamed Dilsad

Leave a Comment