ප්‍රමුඛ පුවත 1

මුදල් සොරකමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ

(උදයම්,කොළඹ)  – බොරැල්ල පොලිස් බලප්‍රදේශය තුළදී බස් රථයක ගමන්ගනිමින් සිටි කාන්තාවකගේ අත්බෑගය සොරාගෙන එහි තිබුණු රු. 102300 ක් මුදලක් ගත් සහ එහි තිබුණු ණයවර කාඩ්පතකින් බොරැල්ල වෙළඳසැලකින් රු. 27705ක ඇඳුම් ලබාගත් සැකකාරියන් දෙදෙනෙකු සොයා පොලීසිය පරීක්ෂණ අරඹයි.

පසුගිය 27 වන දින පෙරවරුවේ මෙම කාන්තාවන් දෙදෙනා අදාළ සොරකම් සිදුකර ඇති බවත්, ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සහය වන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම සැකකාරියන් පිලිබඳ තොරතුරක් දන්නේ නම්  071‍-‍8591587   ,  077‍-‍7264299   ,    011‍-‍2693938  ,   011‍-‍2694019 යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි .

Related posts

පොදු සමා කාලය තුල 5900ක් යළි හමුදා සේවයට

Mohamed Dilsad

දකුණේ පෙර පාසල් වැසේ.

Mohamed Dilsad

හැටන් දුම්රිය ස්ථානයේදී දුම්රිය බලවේග කට්ටලයක් පීලි පනී

Mohamed Dilsad

Leave a Comment