ප්‍රමුඛ පුවත 1

පොදු සමා කාලය තුල 5900ක් යළි හමුදා සේවයට

(UTV| කොළඹ) – ප්‍රකාශයට පත් කල පොදු සමාකාලය තුළදී යුද හමුදා සාමාජිකයින් 5900 දෙනෙකු යුද හමුදා සේවයට වාර්තා කර  ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසනවා.

සේවය හැර ගොස් සිටින යුද හමුදා සමාජිකයින් හට නීත්‍යානුකුළ අස්වීම් ලබා ගැනීම සඳහා පොදු සමා කාලයක් පසුගිය අප්‍රේල් 22වන දින සිට ක්‍රියාත්මක කර තිබේ.

එම පොදු සමා කාලය ලබන 10 වන දින දක්වා ක්‍රියාත්මක බව බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.

ඒ අනුව නොදන්වා සේවය හැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයින් පිරිසක් මෙලෙස සේවයට වාර්තා කර ඇති බව  යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අත්පත්තු මහතා සඳහන් කළේය.

සේවයට වාර්තා කර ඇති සාමාජීකයින් නීත්‍යානුකුලව අස්වීම් ලබා දීමට ඉදිරියේදි කටයුතු කරන අතර මාස 06කට අඩු කාලයක් සේවයට වාර්තා කර නොසිටි යුධ හමුදා සාමාජිකයන්ට යළි සේවය පිහිටුවීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බව සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි අනධ්‍යන සේවකයින් සාකච්ඡාවකට කැඳවයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 900 ඉක්මවයි

Mohamed Dilsad

අලූත් අවුරුද්දේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

Leave a Comment