විදෙස්

ළදැරියන් 19 දෙනෙකුගේ කළල රෝහලක් අසලින් ගොඩගැනේ

(උදයම්,ඉන්දියාව)  – ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක් අසළ වළ දමා තිබූ ගැහැණු ළදරු කළල 19ක් සොයා ගනී.

නීතිවිරෝධී ගබ්සා කිරීමක් හේතුවෙන් මිය ගිය කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතරතුර ඉන්දීය පොලීසිය විසින් එම කළල තොගය සොයා ගෙන ඇත.

මෙම කළල සියල්ල ගබ්සා වලින් ඉවත් කර ගන්නා ලද ඒවා බවට විශ්වාස කරන බව ඉන්දීය බලධාරීහු පවසති.

මෙලෙස නීතිවිරෝධී ගබ්සාව සිදු කිරීමේදී මිය ගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

ගබ්සාව සිදුකළ වෛද්‍යවරයා සොයා පරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

පවුලකට ගැහැණු දරුවෙකු ඉපදීම අභාග්‍යක් ලෙස ඉන්දියාවේ ඇතැමුන් අතර තවමත් පවතින විශ්වාසයකි.

Related posts

ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 19 දෙනෙකු මරුට

Mohamed Dilsad

රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේන අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ල ගිනි ගනී

Editor O

එක් දිනකදී ඉන්දියාව තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් අද වාර්තා වේ

Mohamed Dilsad

Leave a Comment