විදෙස්

ළදැරියන් 19 දෙනෙකුගේ කළල රෝහලක් අසලින් ගොඩගැනේ

(උදයම්,ඉන්දියාව)  – ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක් අසළ වළ දමා තිබූ ගැහැණු ළදරු කළල 19ක් සොයා ගනී.

නීතිවිරෝධී ගබ්සා කිරීමක් හේතුවෙන් මිය ගිය කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතරතුර ඉන්දීය පොලීසිය විසින් එම කළල තොගය සොයා ගෙන ඇත.

මෙම කළල සියල්ල ගබ්සා වලින් ඉවත් කර ගන්නා ලද ඒවා බවට විශ්වාස කරන බව ඉන්දීය බලධාරීහු පවසති.

මෙලෙස නීතිවිරෝධී ගබ්සාව සිදු කිරීමේදී මිය ගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

ගබ්සාව සිදුකළ වෛද්‍යවරයා සොයා පරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

පවුලකට ගැහැණු දරුවෙකු ඉපදීම අභාග්‍යක් ලෙස ඉන්දියාවේ ඇතැමුන් අතර තවමත් පවතින විශ්වාසයකි.

Related posts

මියන්මාර විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

බූකිනා ෆාසෝ හි නැවතත් බල පෙරළියක්

Mohamed Dilsad

පැය 24 ක් තුළ ඉන්දියාවේ කොරෝනා මරණ දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment