ප්‍රමුඛ පුවත 1

කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවකට අධි චෝදනා..

(UTV| කොළඹ) – කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවකට අදාලව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදි අද (09) අධිචෝදනා කියවා දී තිබේ.

ජනක රණවක මහතා නගරාධිපති ධූරය දැරූ සමයේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කල මධුර විතානගේ මහතා භාරයේ තිබූ‍ පරිගණකයකට නීතිවිරෝධී ලෙස ප්‍රවේශවීමේ සිද්ධියකට අදාලවයි 2013 වසරේදී නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ අනෙක් විත්තිකරු ලෙස කෝට්ටේ නගර සභාවේ පරිඝණක ක්‍රියාකරු ලෙස කටයුතු කල අයෙක් නම් කර තිබේ.

කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැසිල් රාජපක්ෂ මහතා ඇප මත නිදහස්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය නිවාරණයට හමුදාව යොදවන්න සුදානම්

Mohamed Dilsad

ආයුර්වේද එක්ෆෝ 2018 ප්‍රදර්ශනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment