ක්‍රීඩා

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම

(UTV| කොළඹ) – පසුගිය වසර තුන,හතර පුරාවට සිය කණ්ඩායම ජයග්‍රහණයන් උදෙසා අරගලයක නිරත වන බවත් තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබි ඇති හෙයින් කණ්ඩායමක් වශයෙන් ජයග්‍රහණයේ මාවතට අවතීර්ණ වීමට කාලය එළඹ ඇති බව නවසීලන්තය සමඟ මවුන්ට් මුන්ගරුයිහිදි හෙට (03) ආරම්භ විමට නියමීත පළමු එක්දින තරඟයට පෙරාතුව මාධ්‍ය වෙත අදහස් දක්වීන් ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග ප්‍රකාශ කර තිබේ.

එසේම හෙට (03) පැවැත්වෙන තරඟය සඳහා ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන සධීර සමරවික්‍රම කණ්ඩායමට කැඳවෙනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

දිනේෂ් චන්දිමාල් මැතිව්ස් වෙනුවට ආදේශ කිරිමට හැකියාව පැවතියද ඔහු අඩු ලකුණූ රැස්කිරිමේ වේගය හේතුවෙන් සධීර කණ්ඩායමට ඇතුළත් වනු ඇති බව පැවසේ.

ඒ අනුව හෙට (03) දිනයේ පළමු එක්දින තරඟයට ක්‍රීඩා කිරිමට නියමීත අවසන් ක්‍රීඩකයින් 11 දෙනා කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

1. කුසල් පෙරේරා, 2. නිරෝෂන් දික්වැල්ල (wk), 3 .සධීර සමරවික්‍රම, 4. කුසල් මෙන්ඩිස්, 5. ධනංජය ද සිල්වා, 6. අසේල ගුණරත්න, 7. දසුන් ශානක , 8. තිසර පෙරේරා, 9 .ලක්ෂාන් සඳකැන්, 10. දුෂ්මන්ත චමීර, 11 .ලසිත් මාලිංග (capt.)

නවසීලන්ත කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)

1 .මාටින් ගප්ටිල්, 2 .කොලින් මුන්රෝ, 3 .කෙන් විලියම්සන් (capt.), 4. රොස් ටේලර්, 5 .හෙන්රි නිකොලස්, 6. ටිම් සයිෆර්ට් (wk), 7. ජේම්ස් නේෂම්, 8. ඉෂ් සෝඩී, 9 මැට් හෙන්රි, 10. ට්‍රෙන්ට් බොල්ට්, 11 .ලොකි ෆර්ගසන්

Related posts

ක්‍රීඩක දීමනා කප්පාදු නොකරන බව පාකිස්ථාන ක්‍රිකට් ප්‍රධානියාගෙන් සහතිකයක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට කඩුළු 10කින් පහසු ජයක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා පකිස්ථාන ටෙස්ට් තරඟයේ අවසන් දිනය අද

Mohamed Dilsad

Leave a Comment