ක්‍රීඩා

ඕස්ට්‍රේලියා පකිස්ථාන ටෙස්ට් තරඟයේ අවසන් දිනය අද

(UTV| කොළඹ) – සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි.

සිව් වන දිනයට තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 136ක් ලබා සිටියේය.

පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 482ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 202ක් පමණි.

යළි පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 06කට ලකුණු 181ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයහ්‍රහණය සඳහා ලකුණු 462ක ඉලක්කයක් හිමි විය.

ඒ අනුව තරඟය ජයග්‍රහණය කිරීමට නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනය තුළ තවත් ලකුණු 326ක් ලබාගත යුතුව ඇති අතර ඒ සඳහා ඔවුන්ට කඩුලු 07ක් ඉතිරිව පවතියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පකිස්තානය පරදා ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක්

Mohamed Dilsad

ටයිකොන්ඩෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක්

Mohamed Dilsad

සුප්‍රකට විස්ඩන් සඟරාවට ඇතුළත් වූ පැතුම්

Mohamed Dilsad

Leave a Comment