ක්‍රීඩා

ක්‍රීඩක දීමනා කප්පාදු නොකරන බව පාකිස්ථාන ක්‍රිකට් ප්‍රධානියාගෙන් සහතිකයක්

(UTV | COVID-19) – ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්ව තිබෙන කොරෝනා වසංගතය හමුවේ ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ දිමනා කප්පාදු නොකරන බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහතික වී ඇත.

කොන්ත්‍රාත්ගත සියළු ක්‍රිඩකයින්ගේ වැටුප් හා දීමනා සාමාන්‍ය පරිදි ලබා දෙන බවත් , පාලක මණ්ඩලයේ අරමුදල් ඉදිරි වසර දෙක සඳහා සුරක්ෂිත කර ගැනීමට තීරණ කිහිපයක් ගෙන තිබෙන බවත් එහි සභාපති ඒසාන් මානි මහතා පවසයි.

ඇතිව තිබෙන වත්මන් තත්ත්වය යටතේ ක්‍රීඩකයින් හා කාර්ය මණ්ඩලයේ ආර්ථික සුරක්ෂිත භාවය තහවුරු කිරීම ප්‍රධාන වගකීමක් වශයෙන් සලකන බව පාකිස්ථාන ක්‍රිකට් ප්‍රධානියා සඳහන් කරයි.

Related posts

එංගලන්තය හා පාකිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය එංගනන්තයට

Mohamed Dilsad

පසුගිය දශකයේ හොඳම ටෙස්ට් කණ්ඩායමට රංගන

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන T20 තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment