ප්‍රමුඛ පුවත 1

ජොන්ස්ටන්ගේ නඩුවේ නියෝගය දෙන්න දින නියම කෙරේ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී  ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිෂම හමුවේ පැවරූ නඩුවක් සම්බන්ධයෙන් වන නියෝගය ජනවාරි මස 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ වර්ෂ 2010 සඳහා වත්කම හා බැරකම් ප්‍රකාශ ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව පැවරූ නඩුව සම්බන්ධ නියෝගයයි.

අද (02) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් මෙම නියෝගය ලබා දුන්නාය.

මෙම නඩුව සම්බන්ධයෙන් සාක්ෂි විමසීම මීට පෙර අවසන් කෙරුණි.

2010 වර්ෂය සඳහා  සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වු බවට අල්ලස් කොමිසම හිටපු අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික් අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේ

Mohamed Dilsad

ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද රැස්වීමට සුදානම්

Mohamed Dilsad

රටේ සාමය සහජීවනය රකින අපේක්‍ෂකයෙකුට සහය – ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

Leave a Comment