ප්‍රමුඛ පුවත 1

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද පූජාවට ජනපති එක් වෙයි.

(UTV| කොළඹ) – කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක සහ කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්යම ගලබොඩ ඤණිස්සර නායක හිමිපාණන් වහන්සේට සෙත් පතමින් ඊයේ(01) පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී විය.

අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව ආශිර්වාද පූජාවට එක විය.

සෑම දෙසැම්බර් 31 වැනිදාවකම මධ්‍යම රාත්‍රීයේ සිට ජනවාරි 01 වැනිදා දක්වා ගංගාරාම විහාරස්ථානයේ සාම්ප්‍රදායානුකූලව පැවැත්වෙන ආගමික වැඩසටහනට සමගාමීව රෝගාතුරුව වැඩවෙසෙන විහාරාධිපති හිමියන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් මෙම ආශිර්වාද පූජාව සංවිධානය කර තිබුණි.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් පිංකමට එක්ව සිටියහ.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීiය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්රී්ය කිරීමට .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලට

Mohamed Dilsad

මරණ දඬුවම දෙන්න සිටින ලැයිස්තුව

Mohamed Dilsad

ලෝක විවාහක රූ රැජිණ දිවයිනට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment