ප්‍රමුඛ පුවත 1

අද පස්වරුවේ වැසි සමඟ තද සුළං

(උදයම්,කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වල විශේෂයෙන් පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරුමැද,වයඹ  සහ නැගෙනහිර පළාත් වලත් බස්නාහිර සහ දකුණු වෙරළ බඩ ප්‍රදේශවලත් උදය කාලයේදීද වැසිඇති වේ.

දිවයිනේ ඇතැම් ස්ථාන වල (මි.මී 75 පමණ)  තරමක් තද වැසි ද  ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර පුත්තලම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුවදක්වා වන ගැඹුරු සහ නොගැඹුර මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී.70-80) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

එම මුහුදු ප්‍රදේශයේ තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

අනෙකුත් මුහුද ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ  සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවේ. දිවයිනට නිරිත දිගින් සහ වයඹින් වන  මුහුද ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති වියහැක.

හම්බන්තොට සිට මඩකළපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය  දක්වා වන  මුහුද ප්‍රදේශවල සුළංදකුණට බරව ගිනිකොණ දිශාවෙන් ද සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන්ද හමන අතර සුළගේ වේගය පැ.කි.මී.20-30 ක්පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශයන්ගේ සුළගේ වේගය තාවකාලිකව පැ. කි.මී. 70-80 පමණ ඉහල යාමට හැකි නිසා එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Related posts

රඹකැන් ඔයෙහි වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

ජනපති අම්පාර හා මඩකලපුව ප‍්‍රදේශයේ ජනහමු රැසකට එක්වෙයි – ජනතාවගෙන් ජනපතිට ඉහළ ප‍්‍රතිචාරයක්

Mohamed Dilsad

Leave a Comment