ප්‍රමුඛ පුවත 1

තංගල්ලේදී වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

තංගල්ල ප්‍රදේශයේදී පොලිස් සංඥා නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඊයේ (25) දිනයේ කුඩාවැල්ල ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීම් හේතුවෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අදාළ ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

අද (26) අළුයම 1.30 ට පමණ  කුඩාවැල්ල හංදියේ මාර්ග බාධකය අසලදී මාර්ගයේ ධාවනයවූ වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිස් සංඥා ලබා දී ඇති නමුත් පොලිස් නිලධාරින් අනතුරට ලක්කර පලා යෑමට සූදානම් වන අවස්ථාවේ පොලීසිය වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

එක් පොලිස් නිලධාරීයෙකු විසින් වෑන් රථයට වෙඩි තැබුවත් එය නොනවත්වා ධාවනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුඛ ආවරණ පැළඳීම තවමත් අනිවාර්යයි

Mohamed Dilsad

කොරියාවේදී අවාසනාවන්ත ලෙස මිය ගිය ශ්‍රී ලාංකිකයෙක්

Mohamed Dilsad

පලාගිය අය නැවත මාතෘභුමිය පිළිබඳව කතාකරයි – අනුර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment