ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

(උදයම්,යාපනය)  –  නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගැනේ.

ඩෙල්ෆ් දුපතට ආසන්න ප්‍රදේශයේදී මෙම ධීවරයන් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් නෞකාවකට සහ යාත්‍රාවට අයත් නාවික භටයන් පිරිසක් විසිනුයි මෙම ධීවරයන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී ඉන්දීය ධීවරයන් සතුව තිබු ට්‍රෝලර් යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගැනුණි.

මෙම ධීවරයන් සහ යාත්‍රා විමර්ශණ සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදීමට  නියමිතයි.

Related posts

දහම් පාසල් අවසන් විභාග ප්‍රතිඵල දැන් අන්තර් ජාලයේ

Mohamed Dilsad

දකුණේ උණ රෝගය තවදුරටත් පැතිරීමේ අවධානමක්

Mohamed Dilsad

ප්‍රහාරය ගැන සොයන්න පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කරයි

Mohamed Dilsad

Leave a Comment