ප්‍රමුඛ පුවත 1

මුහුද රළු විය හැකි බැවින් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ) – වැසි සමඟ දිවයිනේ නිරිත දිග මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බැවින්, නාවික හා ධිවර ප්‍ර‍ජාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම දෙයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 18 වැcනිදා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අධික වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැක.

මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

එය මිලි මීටර් 84 කි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතනය මිලි මිටර් 77. 4 කි.

පැවති අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 05 ක් ද අද පෙරවරුවේ විවෘත කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශ 49 වන ජාතික නිදහස් දිනය සැමරේ

Mohamed Dilsad

දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ උපවාසයක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment