ප්‍රමුඛ පුවත 1

ටිකට් පතක් ඇත්නම් මගියාට රක්ෂණ වන්දියක්..

පෞද්ගලික බස්‌ රථවල මාර්ග බලපත්‍රයක්‌ හා ආදායම් බලපත්‍රයක්‌ ඇත්නම් එහි ටිකට්‌පතක්‌ ගෙන ගමන් ගන්නා මගියා යම් අනතුරකට මුහුණපෑවොත් ඔහුට අනිවාර්යයෙන්ම රක්‍ෂණ වන්දි මුදලක්‌ ලැබෙන බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ටිකට්‌ පතක්‌ නොගෙන පෞද්ගලික බස්‌ රථවල ගමන් කරන විට එම මගියා යම් අනතුරකට මුහුණපෑවොත් ඒ සම්බන්ධයෙන් මගියාට රක්‍ෂණ වන්දි මුදලක්‌ නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මගියාට ටිකට්‌ පතක්‌ නිකුත් කිරිම අනිවාර්ය බවත් ටිකට්‌පත් නොදෙන්නේ නම් එ සම්බන්ධයෙන් 0115-559595 යන දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙසද සභාපතිවරයා පැවසීය.

Related posts

ජාතිකවිරුවන් නම්කරන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

කුඩු ජාවාරම්කරුගේ දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 08කගේ අංක

Mohamed Dilsad

ඕනෑම අගමැති කෙනෙකු සමඟ වැඩ කිරීමට ඉන්දියාව සුදානම්

Mohamed Dilsad

Leave a Comment