විදෙස්

කිම් ජොන් නම්ගේ ඝාතකයින්ට මිනීමැරීමේ චෝදනා

(උදයම්,උතුරු කොරියාව)  –  උතුරු කොරියානු නායක කිම් ජෝන් අංගේ සොහොයුරෙකු වන කිම් ජොන් නම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් දෙදෙනාට මිනීමැරීමේ චෝදනා එල්ල වෙයි.

ඔවුන් දෙදෙනාට එරෙහි මෙම චෝදනා ඔප්පු වුවහොත් මරණ දඩුවම නියම කරනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගියදා මැලේසියාවේ ක්වාලාලම්පුර් ගුවන් තොටුපලේදී වී එක්ස් නමැති විෂ වායු ප්‍රහාරයක් එල්ල කර කිම් ජොන් නම් ඝාතනය කර තිබුණි.

මෙම ඝාතනයට අත්අඩංගුවට ගෙන ඇත්තේ වියට්නාම් සහ ඉන්දුනීසියානු ජාතික කාන්තාවන් දෙදෙනෙකි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය එල්ල කළ කාන්තාවන් දෙදෙනා උතුරු කොරියානු නියෝජිතවරියන් ලෙසට සැක කරයි.

Related posts

ලොව වැඩිම ආසාදිතයි වාර්තාවීම තවත් ඉහළට

Mohamed Dilsad

සිව්දින සටන් විරාමය තුළ තවත් පලස්තීනුවන් 39කට නිදහස

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත

Mohamed Dilsad

Leave a Comment