ප්‍රමුඛ පුවත 1

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු නවතී

(UTV| කොළඹ) – සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි.

ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ නිර්දේශ ලැබෙන තෙක් හා ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති පෙත්සම් විභාගය අවසන් වන තෙක් එම අත්හිටුවීම සිදු කළ බව ජාත්‍යන්තර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් එස්. ටී. කොඩිකාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා – සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තා කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ, වාර්තාව පෙරේදා ජනාධිපතිතුමා වෙත භාර දුන් අතර අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ, එම වාර්තාව ඉදිරි සතිය තුළ අමාත්‍යංශයට ලැබෙනු ඇති බවයි.

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මකවීමට නියමිතව තිබුනේ පසුගිය මැයි මස පළමු වැනිදා සිටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක රැසකට හෙට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

බුස්ස සිද්ධියට අත්අඩංගුවට ගත් අයි.පී රිමාන්ඩ්.

Mohamed Dilsad

ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ තිදෙනා යලි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment