විදෙස්

සිරියාවට සම්බාධක පැනවීමට කළ යෝජනාව පරාජයට පත් කරයි

(උදයම්,සිරියාව)  – රසායනික අවි භාවිතය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සිරියාවට සම්බාධක පැනවීමට කළ යෝජනාව පරාජයට පත් කර තිබෙනවා.

ඒ එම යෝජනාව සම්බන්ධයෙන් රුසියාව සහ චීනය නිෂේධ බලය භාවිත කරමිනි.

සිරියාවට එරෙහිව මීට පෙර ගෙන එනු ලැබූ සම්බාධක යෝජනා රුසියාව 7 වතාවක් පරාජයට පත් කර තිබේ.

එම යෝජනාවට චීනය 6 වතාවක්  එරෙහි වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

සිරියාව රසායනික අවි භාවිතය නවතන බවට රුසියාව සහ ඇමෙරිකාව 2011 වසරේ දී ගිවිසුමකට ද එළඹි බව විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

ඔස්ට්‍රේලියානු රජය මෝරුන් විනාශ කිරිමට සැරසෙයි

Mohamed Dilsad

ඇල්බේනියා දේශසීමාවේදී ශ්‍රී ලංකා පුරවැසියන් තිදෙනෙකු අත්අඩංගුවට

Editor O

ඉන්දියාව සඳ තරණයට සුදානමින්

Mohamed Dilsad

Leave a Comment