විදෙස්

ඉන්දියාව සඳ තරණයට සුදානමින්

(UTV | ඉන්දියාව) – ඉන්දියාව විසින් සඳ තරණය කිරීම සඳහා 3 වන වරටත් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානී කේ සිවන් පවසන ආකාරයට 2021 වසරෙන් පසු මිනිසුන් රහිත යානයක් සඳ මත ගොඩබැස්වීමට ඔහුන් අපේක්ෂා කරයි.

චන්ද්‍රයාන් – 3 ලෙස හඳුන්වන මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් චන්ද්‍රයා මතට යානයක් ගොඩබැස්වූ 4 වන රට බවට ඉන්දියාව පත් වනු ඇත.

අමෙරිකාව ,රුසියාව සහ චීනය එම අභියෝගය ජයගෙන ඇති අනිකුත් රටවල් වේ.

චන්ද්‍රයාන් 2 ව්‍යාපෘතිය මීට මාස කිහිපයකට ඉහතදී අසාර්ථකවී කෙටි කලකින් ඉන්දියාව නව සැලසුම එළිදැක්වීම විශේෂත්වයකි.

මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ සඳ මත ජලය හෝ ඛණිජ ඇතිදැයි සොයා බැලීම වන අතර ඒ සඳහා වැයවනු ඇතැයි අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 35 කි.

අභ්‍යවකාශ ව්‍යාපෘති 20 ක් පමණ මෙම වසරේදී සිදුකිරීමට ඉන්දියාව අපේක්ෂා කරන අතර ගගණගාමීන් 4 දෙනෙකු අභ්‍යවකාශයට යැවීමද ඊට අයත් වේ.

Related posts

යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධනය පහළට

Mohamed Dilsad

ඉන්දුනීසියාවට යළිත් සුනාමි අවධානමක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි සිඩ්නි නුවරටත් ව්‍යාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment