විදෙස්

මෙක්සිකෝවේ බන්ධනාගාර ගැටුමකින් 16 ක් මරුට

(UTV | මෙක්සිකෝව) –  මෙක්සිකෝවේ බන්ධනාගාරයක හටගත් ගැටුමකින් රැඳවූවන් 16 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙක්සිකෝවේ උතුරුදිග සකාටේකස් ප්‍රාන්තයේ බන්ධනාගාරයක මෙම ගැටුම ඇති වී තිබෙන අතර , මෙය, එරට සිදුවූ දරුණුම බන්ධනාගාර ගැටුම්වලින් එකක් බව වාර්තා වෙයි.

මෙම ගැටුමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැත.

ගැටුම සිදුවූ බන්ධනාගාරය පරීක්ෂා කිරීමේදී තවත් ගිනි අවි 3 ක් සහ විවිධ වර්ගයේ පිහි රැසක් හමුවී තිබේ.

බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ගැටුම ජනාධිපති මැනුවෙල් ලෝපෙස් ඔබ්රදෝර් බලයට පත්වීමෙන් අනතුරුව එරට සිදුවූ ප්‍රචණ්ඩකාරීම ගැටුම්වලින් එකක් බව එම වාර්තා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

බ්‍රෙක්සිට් සැලසුමට ලබාදුන් කාලය දීර්ඝ වන ලකුණු…..

Mohamed Dilsad

සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර

Mohamed Dilsad

කෂෝග්ජි ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment