ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු සංශෝධන තීරණය අද

(UTV| කොළඹ) – බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද(03) පැවැත්වේ.

ඒ බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතරය.

නැවත වරක් ඉන්ධන මිල රුපියල් 5 කින් සංශෝධනය කෙරුණු අතර මේ වන විට ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106ක් වෙයි.

සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 131ක් වේ.

මේ නිසා බස් ගාස්තු සංශෝධනය කළ යුතු බවට පසුගියදා රැස් වූ සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ විධායක සභාව තීරණය කළේය.

ඒ අනුව අද(03) පැවැත්වෙන සාකච්ඡාවේදී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාධ්‍ය ඔස්සේ එල්ලවූ අසත්‍ය චෝදනා පිලිබඳ හකීම් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

රේගු සේවක වර්ජනය අද හත්වෙනි දිනටත්

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් තිදෙනෙක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment