ප්‍රමුඛ පුවත 1

රේගු සේවක වර්ජනය අද හත්වෙනි දිනටත්

(UTV| කොළඹ) – රේගු නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද හත් වන දිනටත් ක්‍රියාත්මකවේ.

ඊට සහය පළ කරමින් වාප්පු ලිපිකරුවන්, කන්ටේනර් රථ රියදුරන්, රේගු නියාමක නිලධාරීන් මෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය අද දින වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව වාර්තාවේ.

මෙම වර්ජනයට සතියක පමණ කාලයක් ගත වුණද තවමත් රජය ඊට නිසි විසදුමක් ලබාදී නොමැති බව රේගු වෘත්තීය සමිති පවසයි.

මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් අද දිනය පුරා පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා දැමීමට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

ආවා කල්ලියේ සාමාජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

තව වසර 05කින් මෙරට නිපදවූ චන්ද්‍රිකාවක්

Mohamed Dilsad

Leave a Comment