Trending News

සයිටම්හි ප්‍රධාන විධායක නිලධාරීගේ සේවය අත්හිටුවයි

(උදයම්,කොළඹ)  – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාගේ සේවය අත්හිටවයි.

එසේම ඔහු නෙවිල් ප්‍රනාන්දු රෝහලින් ද ඉවත් කර ඇති බව සයිටම් ආයතන බලධාරීන් ප්‍රකාශ කරයි.

පොලිස් පරීක්ෂණවල විනිවිධභාවය සහ පහසුව වෙනුවෙන් මෙම තීරණය ගත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේය.

මේ අතර මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතාට සිදුකළ වෙඩි තැබීම ව්‍යාජ ලෙස සැලසුම්කරන ලද්දක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කර ගත්තේය.

පොලිස මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම සිද්ධිය සැළසුම්කළ බවට සැකකෙරෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවය.

Related posts

China donates 90 water bowsers worth over Rs. 1 billion

Mohamed Dilsad

ටියුෂන් අරගෙනවත් ඝාතන රැල්ල නවත්වන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

மென்செஸ்டரில் இடம்பெற்ற தாக்குதலால் இலங்கையர் எவருக்கும் பாதிப்பில்லை

Mohamed Dilsad

Leave a Comment