විදෙස්

මාලදිවයින් ජනපති සියළු චෝදනා වලින් නිදහස්

(UTV|මාලදිවයින) – මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සියළු චෝදනාවලින් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඊයේ (27) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව 2015 වසරේදී ඔහුට වසර 13ක සිර දඬුවම් නියම කිරීමට පාදක වූ ත්‍රස්ත චෝදනා ද ඉවත් කිරීමට නියමිතය.

හිටපු ජනපති මොහොමඩ් නෂීඩ්ට එරෙහිව අදාළ චෝදනා නීතිවිරෝධී ලෙස ගොනු කර ඇති බව මාලදිවයින් අගවිනිසුරුවරයා ඊයේ පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2016 වසරේ මාලදිවයිනෙන් නික්මීමට සමත් වූ මොහොමඩ් නෂීඩ් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ වාසය කළ අතර නැවතත් සිය රටට පැමිණියේ ඒකාබද්ධ විපක්ෂය මැතිවරණය ජය ගැනීමෙන් අනතුරුවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තායිලන්තය අත්හිටුවයි

Mohamed Dilsad

ඉන්දීය අගමැතිට ජනපති ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක්

Mohamed Dilsad

රටවල් 75ක මන්කිපොක්ස් පැතිරෙයි

Mohamed Dilsad

Leave a Comment