කලාවිදෙස්

රැජිණි ඛාන්ත්ගේ දේශපාලන තීන්දුව 31 වනදාට

(UTV|කොළඹ) –  කොලිවුඩයේ සුපිරි සිනමා තරුව රැජිණි ඛාන්ත් අද චෙන්නායි නුවර දී සිය රසිකයින් හමුවුණි.

ඒ තමිල්නාඩු දේශපාලනයට අවතීර්ණවීමට සුදානම් වීම සම්බන්ධයෙන් සිය රසිකයින් දැනුවත් කිරීමටය.

67 හැවිරිදි රැජිණි ඛාන්ත් ඔහුගේ රසිකයන් විසින් හඳුන්වනු ලබන්නේ තලෙයිවර් හෙවත් සුපිරි නායකයා ලෙසය.

ඔහු මෙලෙස දින 6ක් තිස්සේ තම රසිකයින් මුණගැසෙන අතර තමා දේශපාලනයට පිවිසෙන්නේද නැද්ද යන්න පිළිබදව දෙසැම්බර් 31 වන දා ප්‍රකාශයක් කිරීමට නියමිත බව මෙහිදී රැජිණි ඛාන්ත් පවසා ඇත.

දශක 4කට අධික කාලයක් තමිල්නාඩු දෙමළ චිත්‍රපට රැසක වීරයාගේ චරිතයට පණ දුන් රැජිණි ඛාන්ත්ට තමිල්නාඩු වැසියන් දේවත්වයෙන් සලකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තමිල්නාඩුවේ ජල්ලිකට්ටු ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට මෝඩිගේ සහය

Mohamed Dilsad

ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු නිවාස අඩස්සියට

Mohamed Dilsad

උතුරු කොරියානු නායකයා නිව්යෝක් නුවරට ලඟා වෙයි

Mohamed Dilsad

Leave a Comment