ප්‍රමුඛ පුවත 1

අනවසරයෙන් මැණික් ගැරූ 7 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,නුවරඑළිය)  – බගවන්තලාව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් කැණීම් කටයුතු සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(28) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ලක්‍ෂ7කට අධික දුම්වැටි ගෙනා පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ජාතිවාදය වැපිරූ අය ජන්ද ලබාගැනීමට කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

වත්මන් තත්ත්වය හමුවේ පාකිස්තාන විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය කල් යයි

Mohamed Dilsad

Leave a Comment