ප්‍රමුඛ පුවත 1

අනවසරයෙන් මැණික් ගැරූ 7 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,නුවරඑළිය)  – බගවන්තලාව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් කැණීම් කටයුතු සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(28) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

චීන ජනාධිපති ෂී – ජින්පින්ගෙන් නව ජනපතිට සුභාශිංසන

Mohamed Dilsad

ලංවීම සේවකයින් අදත් අකුරට වැඩ

Mohamed Dilsad

ශ්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර රැකියා සම්බන්ධ කිසිදු අවබෝධතා ගිවිසුමක් නෑ. ඇමති තලතා කියයි

Mohamed Dilsad

Leave a Comment