ප්‍රමුඛ පුවත 1

චීන ජනාධිපති ෂී – ජින්පින්ගෙන් නව ජනපතිට සුභාශිංසන

(UTV | කොළඹ) – නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත චීන ජනාධිපති ෂී – ජින්පින් විසින් සුභ පැතුම් පණිවුඩයක් එක් කර ඇත. 

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වීම පිළිබදව චීන රජය, ජනතාව සහ තමා හද පත්ලෙන්ම සුභ ප්‍රාර්ථනා කරන බවත් , චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික සහ මිතුරු සබඳතාවලින් එක්ව ඇති රටවල් දෙකක් වන අතර, වෙනස් වන ගෝලීය තලයේදී එම සබදතා නොසැලී ඉදිරියට යන බවත් සිය පණිවිඩයෙන් චීන ජනාධිපතිවරයා සඳහන්කර ඇත.

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව වෙනුවෙන් නව ජනාධිපතිවරයාගේ දායකත්වය ප්‍රසාදයට ලක් කළ ජනපති ෂී – ජින්පින් ද්වි පාර්ශවික සබදතා වර්ධනය කරලීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

‘ එක් තීරුවක් – එක් මාවතක් ‘ යාන්ත්‍රණය යටතේ චීන – ශ්‍රී ලංකා ක්‍රමෝපාය සහයෝගීතාව තවදුරටත් දැඩි වෙමින් පවතින බවද ශ්‍රී ලංකාවේ නව නායකත්වය යටතේ එය නව අදියරකට පිවිසෙනු ඇති අතර, එමගින් දෙරටේම ජනතාවට ප්‍රතිලාභ හිමි වනු ඇති බවත් චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් අවධාරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද රාත්‍රියේ සිට නැවතත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය ආදාහන කිරීමට නියෝග

Mohamed Dilsad

ගුවන් යානා 02 ක් මත්තලට හරවා යවයි

Mohamed Dilsad

Leave a Comment