ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර රැකියා සම්බන්ධ කිසිදු අවබෝධතා ගිවිසුමක් නෑ. ඇමති තලතා කියයි

(උදයම්,කොළඹ)   –   ශ්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර රැකියා සම්බන්ධ කිසිදු අවබෝධතා ගිවිසුමක් නොමැති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් මෙහෙයවූ කාන්තාවක් පසුගියදා විදේශ රැකියා නියුක්ති  කාර්යංශයේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බව අමාත්‍යවරිය වැඩි දුරටත් කියා සිටියාය.
ශ්‍රි ලංකා රජය හා කැනඩා රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් මඟින් රැකියා ලබාදෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 04 බැගින් සැකකාරිය විසින් මුදල් වංචා කර තිබූ බව අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
ශ්‍රි ලංකා රජය සහ කැනඩා රජය අතර එවැනි අවබෝධතා ගිවිසුමක් නොමැති බව පවසන තලතා අතුකෝරාළ අමාත්‍යවරිය මෙවැනි ජාවාරම්වලට හසු නොවන ලෙස ජනතාවගෙන් ද ඉල්ලීමක් කරයි

Related posts

බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 8 ක් රෝහලට

Mohamed Dilsad

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

හයිලෙවල් මාර්ගයේ රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment