ප්‍රමුඛ පුවත 1

පොකිරිස්සන් තොගයක් සමඟ ධීවරයන් 7 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  නීති විරෝධී අයුරින් අල්ලන ලද  පොකිරිස්සන් තොගයක් සමඟ ධීවරයන් 7 දෙනෙකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ අමාත්‍යංශයේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවය.

ඔවුන් සතුව තිබූ බිත්තර සහිත පොකිරිස්සන් සහ ආපනශාලා සඳහා සකස් කරන ලද පොකිරිස්සන් 200 කට අධික සංඛ්‍යාවක් සොයා ගැනුණි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 1,40,000 ක දඩයක් පනවා මුදාහැර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

පොකිරිස්සන්ගේ බීජෞෂන සමය වන පෙබරවාරි මාර්තු සහ ඔක්තෝබර් මාසවලදී පොකිරිස්සන් ඇල්ලීම තහනම් කර තිබේ.

Related posts

හමුදාපතිවරයා වහාම ප්‍රකාශයක් කල යුතුයි – රෝහණ [VIDEO]

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයන් කීපදෙනෙකු සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

සාකච්ඡා සාර්ථකයි – ශ්‍රීලනිප මහ ලේකම් කියයි

Mohamed Dilsad

Leave a Comment