ප්‍රමුඛ පුවත 1

ජනමාධ්‍ය ඇමති දයා සිරි යටතට

(UTV| කොළඹ) – ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළව ස්ථාපනය කර ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සියල්ල  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

එහි අමාත්‍ය ධුරය දරන්නේ දනයාසිරි ජයසේකර මහතා විසිනි.

ඒ අනුව, දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නව අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමට සමගාමීව අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද ඇතුළුව වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් වන ආයතන සහ දෙපාර්තමේන්තු සංඛ්‍යාව 24 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බිම් කොටස් ලක්ෂ 36ක මැණුම් කටයුතු මේ වසර තුළ අවසන් කිරීමට සැලසුම්

Mohamed Dilsad

ආබාධිත සහ මිය ගිය රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ජීවිතාන්තය දක්වා වැටුප්

Mohamed Dilsad

අද (11) සිට (13) දක්වා පළාත් කිහිපයකට වැසි..

Mohamed Dilsad

Leave a Comment