ගොසිප්

කෝටි ගණනක මුදල් වංචාවකට සම්බන්ධ තරුණිය අත්අඩංගුවට

(UTV|පොළොන්නරුව) – රුපියල් ලක්‌ෂයක මුදලක්‌ තැන්පත් කරන අයට මසකට රුපියල් 10,000 ක ආකර්ෂණීය පොලියක්‌ ලබාදෙන බව පවසා මහජනතාව රවටා  රුපියල් කෝටි තුනකට වඩා වංචා කර සැඟවී සිටි දිසානායක මුදියන්සේලාගේ ශ්‍යාමලී දිසානායක නමැති 29 හැවිරිදි තරුණිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය පොළොන්නරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයේ තබන ලෙසට පොලොන්නරුව මහෙස්‌ත්‍රාත් අසේල ද සිල්වා මහතා නියෝග කර ඇත.

ඇය වසර එකහමාරක පමණ කාලයක සිට ප්‍රදේශයේ ජනතාව සමඟ ඉතා හිතවත්ව ගණුදෙනු සිදුකරමින් බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගන්නා ආකාරයට හැසිරී ඇති අතර බොහෝ දෙනාගේ හදිසි මුදල් අවශ්‍යාතවයන් වලදී අවශ්‍ය මුදල් ලබාදීමට පවා ඇය කටයුතු කර තිබුණි.

එලෙස විශ්වාසය දිනාගනිමින් සිටි ඇය පසුගිය ඔක්තෝම්බර් 17 වනදා සිට ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි නිසා ඒ සම්න්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව ඇය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළේය.

ඒ අනුව් ඇය අත්අඩංගුවට ගැනුනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බස්නාහිර පළාතෙන් පිට කොරෝනා පොකුරු ඇතිවීමේ අවධානමක්

Mohamed Dilsad

බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF නිර්දේශ කරයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අදයි..

Mohamed Dilsad

Leave a Comment