ගොසිප්

බස්නාහිර පළාතෙන් පිට කොරෝනා පොකුරු ඇතිවීමේ අවධානමක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශ වලත් කොරෝනා උප පොකුරු ඇතිවීමේ අවධානමක් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

එම ප්‍රදේශ වලින් හමුවන කොරෝනා ආසාධිතයන්ගේ මුලාශ්‍ර සොයා යාමේදී එය තහවුරු වන බව සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේය.

එමෙන්ම, ඔක්තෝබර් 04 වනදායින් පසු කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 13,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයන් 304 දෙනාද සමගයි. ඉන් 254 දෙනෙකු බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

Related posts

ලොව වයස්ගතම පැන්ඩා 38 සමරයි [PHOTOS]

Mohamed Dilsad

ගෝටාට කෙලවුනේ ගත්තේ නාමල් කියපු දේවල් කරලා..

Mohamed Dilsad

ඉදිරි උත්සව සමයේ සංචරණයට සීමා දමයිද?

Mohamed Dilsad

Leave a Comment