ප්‍රමුඛ පුවත 1

පොලිස්පති උසස් පොලිස් නිලධාරින්ගේ විශේෂ හමුව අවලංගු කරයි

(UTV| කොළඹ) – පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අද(05) දිනයේ කැඳවා තිබූ උසස් පොලිස් නිලධාරින්ගේ විශේෂ හමුව අවලංගු කර තිබේ.

අද දිනයේ පැවැත්විමට නියමිත ජන රැලිය හේතුවෙන් මෙම සාකච්ඡාව අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පොලිස් මූලස්ථානයේ පෙනී සිටින ලෙස පොලිස්පතිවරයා විසින් ඊයේ(04) උදෑසන දැනුම්දීමක් සිදු කර තිබුණි.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ යළිත් පොලිස්පතිවරයා විසින් දැනුම්දී ඇත්තේ අදාළ සාකච්ඡාව අද දිනයේ නොපැවත්වෙන බවයි.

ඒ අනුව ඒ සඳහා  ඉදිරියේදී වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන බව ද පොලිස්පති පූජිත් ජයසුන්ර මහතා අදාළ නිලධාරින්ට දැනුම්දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ෂාපතනයෙන් උතුරේ ජන ජීවිතයට දැඩි බලපෑම්

Mohamed Dilsad

උසස් පෙළ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ උත්සහක

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සමතුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණයකින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment