කලා

කින්ග් ඛාන් 53 වන උපන් දිනය සමරයි(වීඩියෝ)

(UTV|ඉන්දියාව) – බොලිවුඩයේ සුපිරි තරුව වන කින්ග් ඛාන් හෙවත් ෂාරුක් ඛාන් ඊයේ සිය 53 වැනි උපන් දිනය සැමරූ බව වාර්තාවේ.

ඔහුට උපන්දිනයට සුබ පැතීම සඳහා රසික පිරිස ෂාරුක්ගේ නිවාස වටා රැස්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

1992 වසරේ ‘දිවානා’ සිනමා පටයෙන් බොලිවුඩ් සිනමාවට පා තබන ෂාරුක් එම සිනමා පටයේ රංගනය වෙනුවෙන් හොඳම නැගී එන නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.

මේ වන විට ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වී ඇති සිනමා පට සංඛ්‍යාව 80 ක් පමණවේ.

මේ වන විට  ෂාරුක් ඛාන් ලොව වැඩිම ආදායමක් උපයන නළුවන්ගේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ පසුවේ .

අදටත් ඉන්දියාවේ සුපිරි තරුවට හිමි කිරුළ හිමිවන්නේ ෂාරුක් හටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙන්රි කැවිල්ගේ ප්‍රියතම චරිතය

Mohamed Dilsad

බ්‍රැඩ් ප්‍රිට් සහ හිටපු බිරිඳ යළිත් එක්වෙයි

Mohamed Dilsad

හොලිවුඩය විවෘත කිරීමෙන් පසු තිරගතවන පළමු චිත්‍රපටය Unhinged

Mohamed Dilsad

Leave a Comment