විදෙස්

ජමාල් කශෝගි අනතුරුදායක පුද්ගලයෙක් – බින් සල්මාන් කුමරු කියයි

(UTV| කොළඹ) – මාධ්‍යවේදී ජමාල් කශෝගි අනතුරුදායක පුද්ගලයෙකු බව සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇමරිකානුවන්ට පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කශෝගි ඉස්ලාමීය සහෝදරත්වය සංවිධානයේ සාමාජිකයෙකු ද බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනනුවන් මෙන්ම, ඔහුගේ උපදේශකයෙකු වන ජැරඩ් කුෂ්නර් අමතා ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ වනවිට සෞදි අරාබිය කශෝගිගේ ඝාතනය පිළිගෙන නොතිබූ අතර පසුව තුර්කිය සිදුකළ හෙළිදරව් කිරීම් හමුවේ ඒ බව පිළිගත්තේය.

නමුත් ඊට සෞදි රජ පවුලේ සම්බන්ධයක් නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කර තිබුණි.

මේ අතර, මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබියට එරෙහිව සම්බාධක පැනවීම සදහා තවත් කල් ගත වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු කොරියාවේ මහ මැතිවරණයෙන් ජනපතිගේ පක්ෂයට විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

තම විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් නොමැති බව කටාර රජය පවසයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ කොවිඩ් එන්නත ඉන්දියාවෙන් බෙදා හැරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment