විදෙස්

සෞදියට සම්බාධක පැනවීමට තව කල් යන ලකුණු

(UTV| කොළඹ) – මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබියට එරෙහිව සම්බාධක පැනවීම සඳහා තවත් කල් ගත වන බව ඇමෙරිකාව පවසයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ පවසන්නේ තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ සිදුවූ ඝාතනය සඳහා සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව තහවුරු කිරීමේ තවත් සාක්ෂි අපේක්ෂා කරන බවයි.

නමුත් එලෙස සම්බාධක පැනවිය හැකි වාතාවරණයක් ඇතිවිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබිය සමඟ ආර්ථික සබඳතා මුළුමනින්ම අත්හිටුවීම ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.

ඒ සෞදි අරාබිය ඇමරිකාවේ විශාලතම අවි ගැණුම්කරු වීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංචාරක තහනමට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකින් අභියෝග

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගෙන් ලක්ෂ 7 ක් සුව අතට

Mohamed Dilsad

අගන් ගිනි කන්ද පුපුරා යාමට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment