ප්‍රමුඛ පුවත 1

නව අගමැති ජාතිය ඇමතීමට සුදානම්

(UTV| කොළඹ) – නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  ජාතිය අමතා කතා කිරීමට සූදානම් බවට වාර්තාවේ.

මේ අතර ඉදිරි දින කිහිපයේදී තවත් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් අමාත්‍යවරුන් සියලූ දෙනා දිවුරුම් දී අවසන් වීමට පෙර නව අග‍්‍රාමාත්‍යවරයා ජාතිය අමතනු ඇතැයි ද දේශපාලන ආරංචි සඳහන් කරයි.

දැනට දිවුරුම් දී සිටින කැබිනට් අමාත්‍යවරුන් ගණන 12 කි.ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දී තිබේ.

ඒ අනුව තවත් කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු පත් කිරීමට නියමිතය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පත් කළ හැකි කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ගණන 40කි.

ඒ අනුව තවත් කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකුට අවස්ථාව ඉතිරිව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කථානායක කරූ ජයසූරියගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

අමාත්‍ය රුවන් විජේවර්ධන කාරක සභාව හමුවේ සාක්ෂි දීම ආරම්භයි

Mohamed Dilsad

වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් වඳ කළ බව කියන පුවත් ගැන CIDපරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment