ප්‍රමුඛ පුවත 1

හිටපු පොලිස්පති නාලක ද සිල්වාගේ නඩුව කල් යයි

(UTV| කොළඹ) – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 02 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) නියෝග කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනයට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව මෙම නඩුව කැඳවේ.

මෙම සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව වැරදි සිදු කර ඇත්දැයි ද යන්න සම්බන්ධයෙන් නීතිපතිගේ උපදෙස් ලබා ගැනීමට නඩුවේ උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයිද අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය හෙයින් නඩුව දීර්ඝ දිනයකින් කැඳවන ලෙස ඔහුගේ නීතීඥවරු කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාළගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේදී

Mohamed Dilsad

විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ 60 ක් සමඟ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment