ප්‍රමුඛ පුවත 1

විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ 60 ක් සමඟ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – සැක කටයුතු ලෙස ගාලු වරායට ආසන්න මුහුදේ තිබූ විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පරීක්ෂාවට ලක් කෙරුණු මෙම යාත්‍රාවේ ධජයක් හෝ ලියාපදිංචි සලකුණු නොතිබුණු බවත් , එහිදී එම යාත්‍රාව තුළ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය හෙරොයින් බවට සැක කෙරෙන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

අදාළ යාත්‍රාව මේ වන විට ගොඩබිමට රැගෙන එමින් තිබෙන බවත් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට තුල අසමඟිය පතුරවන ලිපි 600ක් සමඟ තිදෙනා CIDය භාරයට

Mohamed Dilsad

නාලක ද සිල්වා අද යළි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්..

Mohamed Dilsad

Leave a Comment