ප්‍රමුඛ පුවත 1

විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ 60 ක් සමඟ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – සැක කටයුතු ලෙස ගාලු වරායට ආසන්න මුහුදේ තිබූ විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පරීක්ෂාවට ලක් කෙරුණු මෙම යාත්‍රාවේ ධජයක් හෝ ලියාපදිංචි සලකුණු නොතිබුණු බවත් , එහිදී එම යාත්‍රාව තුළ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය හෙරොයින් බවට සැක කෙරෙන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

අදාළ යාත්‍රාව මේ වන විට ගොඩබිමට රැගෙන එමින් තිබෙන බවත් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මනෝජ් සිරිසේන මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට පත්කිරීමේ අදාළ ගැසට්ටුව එලියට

Mohamed Dilsad

ඇවන්ගාඩ් හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට

Mohamed Dilsad

වාහන සඳහා කාබන් බද්ද එයි..

Mohamed Dilsad

Leave a Comment