ප්‍රමුඛ පුවත 1

වාහන සඳහා කාබන් බද්ද එයි..

(UTV| කොළඹ) – විද්‍යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා කාබන් බද්දක් අය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ  කළේය.

2017 මුදල් පනතින් යෝජිත එම බද්ද මෙම වසරේ ජනවාරී පළමු වනදා සිට ක‍්‍රියාත්මක බව හෙතෙම පැවසීය.

ඒ අනුව නිෂ්පාදිත වර්ෂය අවුරුදු පහට අඩු සෑම වාහනයකින්ම ඝණ මීටරයකට ශත 25 ක බද්දක් සහ අවුරුදු පහත් – දහයත් අතර වාහනවලින් ඝණ මීටරයකට ශත 50ක බද්දක් මේ යටතේ අය කෙරනු ඇත.

වාහන හිමියන් විසින් ආදායම් බලපත‍්‍ර ලබාගන්නා අවස්ථාවේදී මෙම කාබන් බද්ද ගෙවිය යුතු බවද මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළේය.

මේ අතර මෙම වසරේදී ආදායම් බලපත‍්‍ර ලබා ගැනීමේදී මෙම කාබන් බද්ද ගෙවීම අනිවාර්ය නොවන අතර ලබන වසරේ සිට ආදයම් බලපත‍්‍රය ලබා ගැනීමේදීම එය ගෙවීම අනිවාර්ය වන බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට යළි යෑම ගැටළුවක් නොවේ – යුද්ධ හමුදාපති

Mohamed Dilsad

දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමේ ගැසට් නිවේදනය අද එයි

Mohamed Dilsad

Leave a Comment