ප්‍රමුඛ පුවත 1

කෝට්‌ටේ සහ දෙහිවල ගල්කිස්‌ස ප්‍රදේශවලට ස්‌මාර්ට්‌ විදුලි මීටර

(UTV| කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ සහ දෙහිවල ගල්කිස්‌ස බල ප්‍රදේශ තුළ පාරිභෝගිකයන් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක්‌ භාවිත කරන බවට (ඒ කාණ්‌ඩයේ) වාර්තා වී තිබෙන නිසා එම ප්‍රදේශ සඳහා ස්‌මාර්ට්‌ විදුලි මීටර් 150,000 ක්‌ ගෙන්වීමට තීරණය කර තිබෙන බව විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන මහතා පැවසීය.

“ස්‌මාර්ට්‌ විදුලි මීටර්” ගෙන්වීමට අනුමැතිය ලබාගැනීමට විදුලිබල මණ්‌ඩලයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට යොමු කර තිබෙන බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණු විගස මීටර් ගෙන්වීමට ටෙන්ඩර් කැඳවන බවත් ඔහු සදහන් කළේය.

මෙහිදී විදුලිබල මණ්‌ඩලයේ ශාඛාවේ සිට පාරිභෝගිකයන් පාවිච්චි කරන විදුලි ඒකක අනුව මිල තීරණය කර තැපැල් මගින් පාරිභෝගිකයන් වෙත ලබාදීමේ පහසුකම පවතියි.

පාරිභෝගිකයාගේ ජංගම දුරකථනය වෙත තමන් භාවිත කරන විදුලි ඒකක ප්‍රමාණය දැනගත හැකි පහසුකම් ද මෙමගින් සැලසෙන බව ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනියට කැඳවීමක්

Mohamed Dilsad

තවත් ගුවන් පාලම් 2ක් ඉදිකිරීමට සුදානම්

Mohamed Dilsad

මන්ත්‍රී දිනේෂ්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment