ප්‍රමුඛ පුවත 1

නෙළුම් කුළුනේ ජල කාන්දුව පිලිබඳ සොයා බලයි

(UTV| කොළඹ) – මෙලුම් කුළුණේ ජාල කාන්දුව පිළිබඳව  සොයා බලන බව එහි ඉදිකිරීම් සිදුකරන චීන සමාගම පවසයි.

කොළඹ ඉදිකෙරෙන නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක ජල කාන්දුවක් සිදුවන බව වාර්තා විය.

එහි පෙති හැඩයට නිමවා ඇති කොටස්වල වීදුරුවලින් මෙලෙස ජල කාන්දු සිදුවන බව එහි සේවකයින් පවසයි.

ඒ අනුව මේ පිළිබඳ නැවත සොයා බලන බව ඉදිකිරීම් සිදුකරන චීන සමාගම ප‍්‍රකාශ කර තිබේ.

වසර 2012 අගෝස්තු මාසයේදී නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණි.

එහි සේවයේ නිරත වන්නන්ගෙන් සියයට 70 ක් චීන ජාතිකයන්. සෙසු පිරිස ශී‍්‍ර ලාංකිකයන් වේ. මෙම ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම  අමෙරිකානු ඩොලර් මිලියන 104.5 කි.

එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට 85 ක් පමණ අවසන්ව ඇත.ඒ අනුව ලබන වසරේ ජනවාරි 8 වැනිදා එය විවෘත කිරීමට නියමිතව තිබේ.

දකුණු ආසියාවේ දැනට ඇති උසම කුළුණ වන්නේ නෙළුම් කුළුණයි. එහි උස මීටර් 356 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බදු රැසක් අහෝසි කිරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

අද සිට දුම්රිය 7කට කාන්තා මැදිරි ක්‍රියාත්මකයි.

Mohamed Dilsad

මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව අප්‍රේල් 04 ට කල් තැබේ..

Mohamed Dilsad

Leave a Comment