ප්‍රමුඛ පුවත 1

කාලගුණ තත්ත්වයේ වෙනසක්

(උදයම්,කොළඹ) – හෙට(22) සිට ලබන අගහරුවාදා දක්වා වැසි සහිත කාලගුණික තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින අවට පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම වැසි තත්වය ඇති වන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවති.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද බලාපොරොත්තුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවීමේ හැකියාවක්ද ඇත.

Related posts

ආයුර්වේදය ශක්තිමත් කෙරෙන නව දේශීය වෛද්‍ය සභා පනතක්

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment