ප්‍රමුඛ පුවත 1

කාලගුණ තත්ත්වයේ වෙනසක්

(උදයම්,කොළඹ) – හෙට(22) සිට ලබන අගහරුවාදා දක්වා වැසි සහිත කාලගුණික තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින අවට පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම වැසි තත්වය ඇති වන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවති.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද බලාපොරොත්තුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවීමේ හැකියාවක්ද ඇත.

Related posts

ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක්

Mohamed Dilsad

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නෑ

Mohamed Dilsad

රූමි මොහොමඩ්ට ඇප ලබාදීමට නීතිපති විරුද්ධ වෙයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment