ප්‍රමුඛ පුවත 1

නෙළුම් කුළුනේ ජල කාන්දුව පිලිබඳ සොයා බලයි

(UTV| කොළඹ) – මෙලුම් කුළුණේ ජාල කාන්දුව පිළිබඳව  සොයා බලන බව එහි ඉදිකිරීම් සිදුකරන චීන සමාගම පවසයි.

කොළඹ ඉදිකෙරෙන නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක ජල කාන්දුවක් සිදුවන බව වාර්තා විය.

එහි පෙති හැඩයට නිමවා ඇති කොටස්වල වීදුරුවලින් මෙලෙස ජල කාන්දු සිදුවන බව එහි සේවකයින් පවසයි.

ඒ අනුව මේ පිළිබඳ නැවත සොයා බලන බව ඉදිකිරීම් සිදුකරන චීන සමාගම ප‍්‍රකාශ කර තිබේ.

වසර 2012 අගෝස්තු මාසයේදී නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණි.

එහි සේවයේ නිරත වන්නන්ගෙන් සියයට 70 ක් චීන ජාතිකයන්. සෙසු පිරිස ශී‍්‍ර ලාංකිකයන් වේ. මෙම ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම  අමෙරිකානු ඩොලර් මිලියන 104.5 කි.

එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට 85 ක් පමණ අවසන්ව ඇත.ඒ අනුව ලබන වසරේ ජනවාරි 8 වැනිදා එය විවෘත කිරීමට නියමිතව තිබේ.

දකුණු ආසියාවේ දැනට ඇති උසම කුළුණ වන්නේ නෙළුම් කුළුණයි. එහි උස මීටර් 356 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වන්දි ගෙවීමට විශේෂ කාර්යාලයක්

Mohamed Dilsad

අමාරි විජේවර්ධනට මොකද වෙන්නේ?

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment